ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං...
තවම ලියනවා මං...
නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ
කියා ගන්නට බැරිව සැනහුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං...
තවම පතනවා මං...
උණුසුමක් රැදි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹෙ සුසුමක් සමග මියැදී
යන්න තිබුනා නම්..
මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන
කදුළු නැ එහෙනම්...
සදවතක රැදි සදළු තලයක
තරු කැටක් වී රැදුනු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
රැදී නොතිබුනි නම්..
මගෙ දරදඩු පිරිමි සිත යට
කඳුළු නැ එහෙනම්...
මේකත් මරු සිංදුව !!!
ReplyDeleteමැක්ස්....
ReplyDeleteහිතට වදින ලස්සනම ලස්සන සින්දුවක්....
ReplyDelete