"ඉන්දියන් සාගරයේ මුතු ඇටය" පුංචි කාලේ ඉදන් අපි දන්නේ එහෙම.
මේ රට මගේ රට - මා ඉපදුණු රට
හැදුණු වැඩුණු රට - මගේම මව් රට....
1996 දී අපට ක්‍රිකට් ලෝක කුසලානය හම්බවෙද්දී, සුසන්තිකා ඔලිම්පික් පදක්කමක් දිනද්දී අපි කොච්චරනම් සතුටු වුණාද.අපි ඒ ජයග්‍රහණ ගැන ආඩම්බර වුණාද..? ඒ මේ පුංචි රට ලෝකයට අභියෝග කරපු නිසා.අපි අපේ රටට ගොඩක් ආදරේ හින්දා.
අපිටත් පුළුවන්නම් අපේ රටට කීර්තියක් ගෙනත් දෙන්න.ඒක කොයි තරම් වටිනවද..?ඇත්තටම ඔව්...! දැන් අපිටත් අපේ රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්නට කාලය ඇවිල්ලා.මේ පුංචි ශ්‍රී ලංකාව දිහා අද මුලු ලෝකටම බලා ගෙන ඉන්නවා.ඒ අපේ රට තුළ ඇතිවන සීග්‍ර සංවර්ධන ක්‍රියාවලිය දිහා.ඉතිං ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළ තැනකට ගේන්න අළුත් සංකල්පයක් බිහිවෙලා.
"ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරමු...!"
අතීතය දෙස හැරී බලන විට වීර පරාක්‍රමබාහු රජ දවස,දුටුගැමුණු රජ දවස ශ්‍රී ලංකාව ආසියාවටම පමණක් නොව මුළු ලෝකයටම ආශ්චර්යයක් වූ බව නොරහසක්.ඉතිං ඒ අතීත මුතුන්මිත්තන්ගෙන් පැවත එන අපිට නැවත වරක් ශ්‍රී ලංකාවට ආශ්චර්යයක් කරන්න බැරිකමක් නැත.'ආසියාවේ ආශ්චර්යය' නම් වූ නව සංකල්පයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළ තැනකට ගෙන එන්නට අපි දැන් සිහින දැක හමාරය.ඒ සුන්දර සිහිනය යතාර්ථයක් කර ගතව යුතුව ඇත.ඒ සිහිනය සැබෑ කර ගන්නට සියලු පරිසරයන් දැන් සකස් වෙමින් පවතී. දැන් ඒ සඳහා කාලය එළඹ ඇත. හුදෙක් ඒ කටයුත්ත ජනාධිපති තුමන්ටවත්,ඇමති මණඩලයටවත්,ග්‍රාම නිළධාරීටවත් සමෘද්ධි නිළධාරීටවත් තනියම කරන්නට බැරිය.ඒ සඳහා අප සියළු දෙනාගේ පොදු දායකත්වය අවශ්‍ය වන යුගයකට පෙරනිමිති දකිමින් පවතී.
දේශපාලනික වශයෙන් නොව සැබෑවටම මෙය ලොවටම ආදර්ශවත් සංකල්පයකි. ඒ නිසාවෙන් මෙය සැබෑ කර ගන්නට පුළුවන්යැයි ධනාත්මක සිතුවිල්ලක් ඇති කර ගත යුතුය.පටු දේශපාලනික අදහස් අමතක කොට ආකල්ප වශයෙන් අපි වෙනස් විය යුතුය.අනිවාර්යයෙන් මෙය යතාර්ථයක් කරන්නට පුළුවන්ය.ඒ සඳහා අපි සියළු දෙනා එකමුතු විය යුතුය.එකාමෙන් වැඩ කළ යුතුය.
"සිත ඇත්නම් පත කුඩාද?" අතීතයන් මෙසේ පැවසුවේ කට කහනවට නොවන බව මතක් කළ යුතුය.අභීතව අරමුණ කරා ගොස් නොහැක්කක් නොමැති බව අපේ රණවිරුවන් ලොවටම පසක් කළේ තිස්වසරක සාපලත් යුද්ධය අවසන් කරමින්ය.සුනාමි ව්‍යවසනයෙන් පසු පැය විසිහතරක් ගත වන්නට පෙර සියලු ආපදාවන් යථා තත්වයට පත් කළේ රටක සැබෑ මනුෂ්‍යන් වශයෙන් ලොවටම ආදර්ශයක් වෙමිනි.
මේ පුංචි දිවයින සැබෑ වීරයින් ජීවත්වෙන රටක්,සැබෑ මනුෂ්‍යයන් ජීවත්වෙන රටක්.ඒ නිසාවෙන් අපේ මේ පුංචි රට හෙට දිනයේදී සුරපුරයක් කරන්නට හැකියාව අප සතුව පවතී.ඒ සඳහා අඩිතාලම දැනටමත් වැටී හමාරය.විදුලි බලාගාර, ගුවන් තොටුපොළවල්, නව වරායන්, නව කර්මාන්තපුර ඉදිවෙමින් පවතී.වාරි කර්මාන්ත, මහාමාර්ග දියුණු වෙමින් පවතී.
මේ මහා සංග්‍රාමයට දැන් අපේ දායකත්වයද එකතු කළ යුතුය.පටු දේශපාලනික වාසි ගැන නොතකා රට ගැන සිතිය යුතුය.රටේ අනාගතය ගැන සිතිය යුතුය.මේ මහා සංග්‍රාමයට අඩුම තරමේ වචනින් හෝ සහය දැක්විය යුතුය.
2010 වසර ගෙවී නව වසරක් එළඹීමට තව ඇත්තේ දින ගණනකි.2010 වසර ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නට සිහින දැකපු වසරයි.එළඹෙන නව වසර ඒ සිහිනය, සිහිනයක් නොව සැබෑවක් වන වසරයි.මේ තමයි ඒ සඳහා හොඳම අවස්ථාව.ඒ සුභ සිහිනය දකින්නට අපි දැන් පෙළගැසෙමු.ඒකාමෙන් ඒ සිහිනය සැබෑ කර ගන්නට වැඩ කරමු.
"හෙට දිනයේ බිහිවන අළුත් ලෝකයේ
හිමිකරුවන් අප හැමදෙන වේ...
තාරුණ්‍ය සමඟිය අපේ ශක්තියයි
එක් වී නැගිටුමු මෙදා සැරේ......"
වැදගත්:- දේශපාලනික අරමුණක් නොවන අතර කාලීන අවශ්‍යතාවය මත ලියන ලදී.සංවාදයට විවෘතයි.
අනේ ඉතින් අපිත් රටට බරක් නොවී පුළු,පුළුවන් විදියට දායකත්වය දුන්නා.ඒත් වැඩක් වෙන පාටක් නෑ වාගෙ.
ReplyDelete@dinesh;- එක රැයකින් රටක් ගොඩ නඟන්න අමාරුයි.ඒ නිසා අපේ දායකත්වය රටේ අනාගතය වෙනුවෙන් නිරන්තරයෙන් ලැබිය යුතුයි.
ReplyDeleteස්තුතියි සහෝදරයා ප්‍රතිචාරයට...