(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/11/08

ඊසොප් නොකී කතා

හොදම දේ එකම තැනකින් කියලා කිවුවනේ.ඒ නිසාම රස කතා දෙක තුනකුත් දාන්න කියලා හිතුවා.

මේ කතා තුන නම් අහුල ගත්තේ පත්තරේකින්.එච්චරම හිනා යන්නේ නෑ.ඒත් ජීවිතේට එකතු කර ගන්න පාඩමක් නම් තියන බව මතක් කරන්න ඔනේ.
 * දවසක් සිංහ හමක් පොරෝ ගත්ත හිවලෙක් ගමනක් ගියා.ගමනෙන් භාගයක් යනකොට සිංහ හම ටිකෙන් ටික පළුදු වෙන්න පටන් ගත්තා.කැලේ අනිත් සත්තු ඔක්කෝටම තේරුණා මේ සිංහයෙක් නෙවෙයි හිවලෙක් බව.උන් හිවලාට උසුළු විසුළු කලා.සිංහ වෙස් ගත් හිවලා සිංහයෙක් වගේ ගර්ජනා කරා.ඒත් කැලෑව පුරා රෑව්පිළි රෑව් දුන්නේ හූ හඩක් විතරයි.ඊට පස්සේ දවසක් ඇත්ත සිංහයෙක් මේ කැලෑවට ආවා.ඊට අපු වෙනිදා ඒ සිංහයා හිටපු ගල් ගුහාව ළග හිවල් හමක් වැටිලා තිබුණා.

* එක දවසක් දඩයක්කාරයෙක් ඇතෙක්ව වළකට දැම්මා.හාවෙක් නම් මස් ගන්න තිබුණා.කොටියෙක් නම් හම ගන්න තිබුණා.මුවෙක් නම් අං තට්ටුව ගන්න තිබුණා.ඒත් ඇතෙක්ගෙන් මොනවා ගන්නද..?
ඇයි දළ දෙක ගන්න පුලුවන් නේද කියලා දඩයක්කාරයාට හිතුණා.ඒත් වළ ඇතුළේ හිටියත් ඇතා මුරණඩුයි.දළ කපන්න දෙන්නෙම නෑ.අන්තිමේදී දඩයක්කාරයාට කරකියාගන්න දෙයක් නැතිව ඇතාට මෙහෙම කිව්වා."උඹ වළට වැටුණු එකට මගෙන් සමාව ගනින්." ඇතා හිනාවුණා.


* සිංහයෙක් නැති කැලේක වලහෙක් රජ වුණා.වලහා සියලුම සතුන්ට කිව්වා 'රජතුමා' කියලා ආමන්ත්‍රණය කරන්න කියලා.වෙන කරන්න දෙයක් තේරෙන්නේ නැති නිසා හැමෝම වගේ එහෙම කිව්වා.මේ වලහා නිතර මී කඩන්න ගියා.අපේ මහ රජතුමානේ කියලා මී මැස්සෝ කීකරු වෙලා අයින් වුණා.එක දවසක් මී මැස්සෙකුට යමක් මතක් වුණා.මේ වලහා කපටිකමින් කන්නේ අපේ මී වද.ඌ කෑ ගැහුවා.කෑ ගහගෙන වලහා දිහාවට ආවා.මී මැස්සෝ ඔක්කොම ඌ පස්සෙන් ආවා.අනිත් සත්තුත් මී මැස්සො පස්සෙන් ආවා.ඊට පස්සෙ කවුරුත් වලහව දැක්කේ නෑ.

No comments:

Post a Comment