තදබදයකින් යුතු මාවතක නිදහසේ ඇවිද යන පෙම්වතුන් යුවලක් ගැන බොහොම අපූරු ගීයක් ලියවුණා.ගිනිගහන අව්වේ උණු වූ තාර පාරේ ඇවිද යන විටත් ප්‍රේමාන්විත හැගීම් නිසා රළු පාර පවා ඔවුන්ට මෘදු ඇතිරිල්ලක් වුණා.අනේක විද වාහන සෙනහ ගැන නොතකා අපි අපේ ගමන යමු කියලයි ඔවුන් කියන්නේ.
ඉරි තැළුණු වළා උඩු වියන් යටින්
මෘදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හමා එන මොටෝ රථ රග
සෙනග රවටවමින්...
වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී
නොරෑවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා...
රිය පෙළේ කිරුළ හිමි රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රෑළි වැටීලා...
පෙම්වතිය වෙනුවෙන් ඉදිකර දිය නොහැකි සුපිරි ජීවිතය ඇයට අත වනනවා.ඔටුණු හිමි කුමාරවරු ඇයට අත වනාවි.ඔවුන්ට නොරෑවටී බිම බලන් යන ලෙස පෙම්වතා ඇයට පසක් කර දෙනවා.මේ ගමන ඉතා දුෂ්කරයි.ඒ නිසයිකහ ඉර රෑළි වැටී ඇතැයි කියන්නේ.
ගේය පද :- සමන් අතාවුද හෙට්ටි මහතා
ස්වර රටා :- තිස්සසිරි පෙරේරා මහතා
සොදුරු හඩ :- අමරසිරි පීරීස් මහතා
ගීතය නම් මෙතනින් බා ගන්න.
ගීතයේ වීඩියෝ එක බලන්න.
රිය පෙළේ කිරුළ හිමි රජවරුන් අත වනාවී
ReplyDeleteබිම බලන් යන්න යමු
කහ ඉරත් රෑළි වැටීලා...
වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී
ReplyDeleteනොරෑවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා...
lassanai aiya best of luk ...