(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/11/15

කරළියට එන අමුතු ගැජට්- [01 කොටස]

නියපොත්තේ ඇලවිය හැකි ඔරලෝසුව

ටයිමෙක්ස් ඔරලෝසු සමාගම.අපි කවුරුත් අහලා තියෙන දන්න කියන නමක්නේ.ඉතිං මේ සමගමේ සංවත්සරයකට පවත්වපු අනාගත් ඔරලෝසු සැළසුම් තරඟයේ අවසන් වටයට තේරුණ ඔරලෝසුවක් තමයි මේක.නම් කරලා තිබුණේ "ටයිමෙක්ස්  TX 54" යනුවෙන්.
මේ සැළසුම හරියට නියපොත්තක අලවන ලද වර්ණ පටලයක් වගේ තමයි පේන්නේ.එහි තියෙන කුඩා පරිපථයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ.විවිධ වර්ණ වලින් වෙලාව පෙන්වනවා.වතුරට ඔරොත්තු දෙන විදියට තමයි හදලා තියෙන්නේ.මේ ටික කලක් පාවිච්චි කරලා ඉවත දමන්න පුළුවන් එකක්.


ඩිජිටල් මෙනු කාඩ් එකක්
ඊපෝස් ලයිට් වයර්ලස්[ EPOS-Lite Wireless Menu] කියලා හදුන්වන මෙම උපාංගය ආපන ශාලාවක තියන්නට පුළුවන් මෙනු පතක්.ආපන ශාලාවේදී ඇණවුම් කිරීමට අවශ්‍ය දේ ඩිජිටල් තිරයෙන් තෝරා ගන්න පුළුවන්.එවිට තෝරාගත් ආහාර වල මිල ගණන්,පෝෂ්‍ය ගුණය ආදී තොරතුරු තිරයේ පෙන්වනවා.
මේක ක්‍රියාත්මක වෙන්නේ රැහැන් රහිත් ක්‍රමයක් ලෙසයි.ඒ නිසා තොරාගත් ආහාර ඇණවුම කෙළින්ම කවුන්ටරය වෙත යොමු කිරීමේ හැකියාව පවතිනවා.

ෆින්ගර් ඩ්‍රම් මවුස් පෑඩ්


ඇත්තටම මේක බැලූ බැල්මටම සාමාන්‍ය මවුස් පෑඩ් එකක්.නමුත් මෙහි කොම්පියුටර් මවුස් එක තබනවාට අමතරව පොඩි විනෝදයක් ලබා ගන්නත් පුළුවන්.මේ මවුස් පෑඩ් එකේ මතුපිට විවිධ ඩ්‍රම්ස් පෙනෙන්නට තිබෙනවා.ඇඟිලි තුඩු වලින් මේ ඩ්‍රම්ස් වලට තට්ටු කළ විට ඒ ඒ හඩ ඇහෙනවා.හරියට ඩ්‍රම් සෙට් ඒකකින් වගේ.ශබ්දය වෙනස් කිරීමට වෙනම බොත්තමකුත් සවි කරලා තියෙනවා.AAA ප්‍රමාණයේ බැටරිවලින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ.

1 comment:

  1. MATHRUKAWE colour eka nisa kiyawanna amarui wena patakin danna bckgrwd ekate galepena widihata

    ReplyDelete