2010/11/24
නිදහස....!
යම් දිනෙක සෑම මිටියාවතක්ම
ඉහළට එසවෙනු ඇතැයිද,
සෑම කන්දක්ම, කඳු වැටියක්ම
පහත් කරනු ඇතැයිද,
මම සිහිනයෙන් දකිමි..
රළු තැන් සමතලා කරනු ඇත.
එසේ ඇඳ තැන් කෙලින් කරනු ඇත.
මේ විශ්වාසයෙන් යුතුව
අපට බලාපොරොත්තු රහිතභාවයේ
කන්දෙන් බලාපොරොත්තු වේ...
ගලක් කොටා ගැනීමට හැකි වනු ඇත.
2010/11/23
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නට අපේ දායකත්වය
"ඉන්දියන් සාගරයේ මුතු ඇටය" පුංචි කාලේ ඉදන් අපි දන්නේ එහෙම.
මේ රට මගේ රට - මා ඉපදුණු රට
හැදුණු වැඩුණු රට - මගේම මව් රට....
1996 දී අපට ක්‍රිකට් ලෝක කුසලානය හම්බවෙද්දී, සුසන්තිකා ඔලිම්පික් පදක්කමක් දිනද්දී අපි කොච්චරනම් සතුටු වුණාද.අපි ඒ ජයග්‍රහණ ගැන ආඩම්බර වුණාද..? ඒ මේ පුංචි රට ලෝකයට අභියෝග කරපු නිසා.අපි අපේ රටට ගොඩක් ආදරේ හින්දා.
අපිටත් පුළුවන්නම් අපේ රටට කීර්තියක් ගෙනත් දෙන්න.ඒක කොයි තරම් වටිනවද..?ඇත්තටම ඔව්...! දැන් අපිටත් අපේ රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්නට කාලය ඇවිල්ලා.මේ පුංචි ශ්‍රී ලංකාව දිහා අද මුලු ලෝකටම බලා ගෙන ඉන්නවා.ඒ අපේ රට තුළ ඇතිවන සීග්‍ර සංවර්ධන ක්‍රියාවලිය දිහා.ඉතිං ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළ තැනකට ගේන්න අළුත් සංකල්පයක් බිහිවෙලා.
"ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරමු...!"

2010/11/22
පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ....
'විවාහය' ඕනෑම යුවතියකට ජීවිතේ සොඳුරු සංධිස්ථානයක්.ඒ සොඳුරු මොහොත නෑදෑ හිත මිතුරුන්ගේ ආශිර්වාදයෙන් වාසනාවන්ත මංගල ගමනක් ඇරඹීමටයි හැම යුවතියක්ගේම ප්‍රාර්ථනය.ඉතිං පෙම්බර කුමරෙක් සමඟ අනිනත වෙලී මංගල ගමනට යන පින්බර යුවතියට වාසනව, ආශිර්වාදය එකතු කරන්න ආදරණීය ගීයක් ලියවුණා.පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නෑකතේ, පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ, වාසනා වේවායි මේ ප්‍රාර්ථනාව......
වාසනා වේවා . . . වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නෑකතේ
පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ
වාසනා වේවා . . . වාසනා වේවා....
කුළුඳුල් මංගල පියවර තබනා
නොඉඳුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සෑලෙමින් සදනා
ආශිර්වාදෙන් ආසිරි වේවා . . .
වාසනා වේවා . . . වාසනා වේවා.....
2010/11/20
පෙන්ඩ්‍රයිව් එකේ දා ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය
අද ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ තවත් අළුත් මෘදුකාංගයක්.මෘදුකාංගයක් කිව්වට ඇත්තටම මේක මෙහෙයුම් පද්ධතියක්[Operating System].ලිනක්ස් පාදක කරගත් මේ මෙහෙයුම් පද්ධතිය නම් කරලා තියෙන්නේ "ස්ලිටාස්[SliTaz]" නමින්.
ඔයාලා දන්නවනේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ සුළුපටු මෘදුකාංගයක් නෙවෙයි.විශාල ධාරිතාවයක් තියෙනවා.ඒත් මේ සාම්ප්‍රදායික මෙහෙයුම් පද්ධතිවලට විකල්පයක් ලෙස, එදිනෙදා වැඩ ලේසියෙන් කර ගන්නේ පුළුවන් මේ කුඩා මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ.මෙහි ධාරිතාවය 30MB ක්.සීඩී[CD] එකක හරි යූඑස්බී ඩ්‍රයිව්[USB Drive] එකක හරි ගෙන යන්නත් පුළුවන්.ක්‍රියාත්මක කරන්න පරිඝණකයේ තියෙන්න ඕනේ 100MB ක් විතරයි.
පැරණි පරිඝණකයකින් වුණත් ඉන්ටනෙට් එක්ක සම්බන්ධ වෙන්න 'මිඩෝරී' නමින් වෙබ් බ්‍රවුසරයක් තිබෙනවා.ෆයර්ෆොක්ස්, ක්රෝම් එක්ක වුණත් යොදා ගන්න පුළුවන්.

2010/11/17
වියපත් මවුස් - අවුරුදු 40 පසු කරයි...!
ක්ලික් කිරීමට එක් රළු බොත්තමක්ද, මහත වයරයක්ද සහිත වූ මෙම උපාංගය හරියට මීයෙකුට සමාන වුණු හින්දා ඉංග්‍රීසියෙන් "මවුස් [ Mouse ] " නමින් නම් කරා.1968 දී මවුසය නිර්මාණය කළේ ආචාර්ය ඩග්ලස් එන්ගල්බර්ට් විසින්.මුල්ම පර්යේෂණ මවුසය තනා තිබුණේ ලීයෙන්.
ආචාර්ය ඩග්ලස් එන්ගල්බර්ට්ගේ සංකල්පයට අනුව පළමු වරට පරිඝණක මවුසය නිර්මාණය කළේ ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ [SRI-Stanford Research Institute] ඉංජිනේරුවෙකු වූ බිල් ඉන්ග්ලිෂ් විසින්.
ආචාර්ය ඩග්ලස් එන්ගල්බර්ට්ගේ සංකල්පයට අනුව පළමු වරට පරිඝණක මවුසය නිර්මාණය කළේ ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ [SRI-Stanford Research Institute] ඉංජිනේරුවෙකු වූ බිල් ඉන්ග්ලිෂ් විසින්.
ලෝකයේ භාවිතා වන වයර්ලස් තාක්ෂණ[Wireless Technology]
ඔන්න අදත් ඔයාලට පරිඝණක පාඩමක් අරගෙන ආවා.අද කියන්න යන්නේ ලෝකයේ දැනට භාවිතා වන වයර්ල්ස් තාක්ෂණය[Wireless Technology] ගැනයි.සමහර විට දැනටමත් ඔයාලා මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයත් ඉන්නවනේ.එයාලට මේ ලිපිය ගොඩක් වටිනවා.
බ්ලූටූත් [Bluetooth]
මෙම තාක්ෂණය භාවිතයෙන් අඩි 100ක වටපිටාවක තොරතුරු හුවමාරු කරන්න පුළුවන්.මෙහි ඇති ප්‍රධාන වැදගත්කම වන්නේ එකම අවස්ථාවකදී උපාංග කීපයක් එක්ක තොරතුරු හුවමාරු කිරීමේ හැකියාව.උපකරණ හරි කෙළින් තියන්න ඕනෙත් නෑ.
බ්ලූටූත්[Bluetooth] ගැන වැඩි විස්තර ලියවුණු ලිපියක් මෙතනින් බලන්න.

වයි-ෆයි [Wi-Fi]
මෙහිදී තොරතුරු හුවමාරු වන්නේ රේඩියොඅ තරංග මඟින්.මේ සඳහා වයර්ලස් රවුටරයක් තිබිය යුතුයි.වයි-ෆයි සම්බන්ධය ලබා ගන්න පුළුවන් වෙන්නේ "හොට්ස්පෝට්ස්[Hotspots]" ලෙස හඳුන්වන ක්‍රියාකාරිත්වය තිබෙන ප්‍රදේශ වල පමණයි.
2010/11/15
කරළියට එන අමුතු ගැජට්- [01 කොටස]
නියපොත්තේ ඇලවිය හැකි ඔරලෝසුව
ටයිමෙක්ස් ඔරලෝසු සමාගම.අපි කවුරුත් අහලා තියෙන දන්න කියන නමක්නේ.ඉතිං මේ සමගමේ සංවත්සරයකට පවත්වපු අනාගත් ඔරලෝසු සැළසුම් තරඟයේ අවසන් වටයට තේරුණ ඔරලෝසුවක් තමයි මේක.නම් කරලා තිබුණේ "ටයිමෙක්ස් TX 54" යනුවෙන්.
මේ සැළසුම හරියට නියපොත්තක අලවන ලද වර්ණ පටලයක් වගේ තමයි පේන්නේ.එහි තියෙන කුඩා පරිපථයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ.විවිධ වර්ණ වලින් වෙලාව පෙන්වනවා.වතුරට ඔරොත්තු දෙන විදියට තමයි හදලා තියෙන්නේ.මේ ටික කලක් පාවිච්චි කරලා ඉවත දමන්න පුළුවන් එකක්.

බ්ලූටූත් තාක්ෂණය[Blueooth Technology]
බ්ලූටූත් අපි කවුරුත් දන්න දෙයක්නේ.බ්ලූටූත් වලින් වැඩ කරන්න අපි කවුරුත් දන්නවා.ඒ කොහොම වුණත් බ්ලූටූත් ගැන දන්න වගේම නොදන්න කරුණු ටිකකුත් කියන්න තමයි මේ සූදානම.
ඉලෙක්ට්‍රොනික් උපාංග එකිනෙක සම්බන්ධ කරන්න විවිධ රැහැන් රහිත ක්‍රම යොදා ගන්නවනේ.ඒ අතරින් ප්‍රධාන ක්‍රමයක් තමයි බ්ලූටූත් කියන්නේ.ඇත්තටම 'බ්ලූටූත්' වලට ඒ නම වැටුනේ කොහොමද.මුලින්ම කියන්නේ ඒ ගැන.
ක්‍රි:ව: 958 දී ඩෙන්මාක් රටේ 'හෙරල්ඩ් බ්ලූටූත්' කියලා රජෙක් හිටියා.ඩෙන්මාකයත් නෝර්වේ රටේ කොටසකුත් එකට තමයි මොහු පාලනය ගෙන ගියේ.එවකට සිටි ගෝත්‍රික කණ්ඩායම් ගණනාවක් සමඟි කරවපු රජ කෙනෙක්.
1994 දී රැහැන් රහිත බ්ලූටූත් තාක්ෂණය හොයා ගත්තේ අර ගෝත්‍රික කණ්ඩායම් සමඟි කරවපු ප්‍රදේශයේ විද්‍යාගාරයක.රැහැන් රහිත තාක්ෂණයක් ලෝකයේ තිබුණේ නෑ.ඉතිං එදා එකිනෙකට 'සමඟිව' වැඩ කරන්න බැරි උපාංග ගණනාවක් එක්ක 'සමඟිව' වැඩ කරන්න පුලුවන් වුණේ මේ තාක්ෂණය නිසා.හරියට හෙරල්ඩ් බ්ලූටූත් රජු ගෝත්‍රික කණ්ඩායම් සමඟි කරා වගේ.මෙන්න මේ කතාව මුල් කරගෙන තමයි මේ රැහැන් රහිත තාක්ෂණයට "බ්ලූටූත්[Blueooth]" කියලා නම වැටුණේ.
2010/11/12
(¯`•._.•""" වැස්ස """•._.•´¯)
පැල් බැඳගෙන වහින වැස්ස
මිදුල පුරා දෝරෙ යනවා
කල් අරගෙන පිපුණු රෝස
මල් පෙති බිම සුසුම්ලනවා.....
වැහි සීතල දරාගන්න
බැහැ පරිසරයම හඬනවා
නුඹ තුරුළට ගෙන රහසින්
කවි කියන්න මට හිතෙනවා.....
මිදුල පුරා දෝරෙ යනවා
කල් අරගෙන පිපුණු රෝස
මල් පෙති බිම සුසුම්ලනවා.....
වැහි සීතල දරාගන්න
බැහැ පරිසරයම හඬනවා
නුඹ තුරුළට ගෙන රහසින්
කවි කියන්න මට හිතෙනවා.....
2010/11/10
අපේ ඇත්ත ෆොටෝ කාටූන් බවට හරව ගමුද......
ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ තවත් අළුත් වෙබ් අඩවියක්.සමහර විට මේ ගැන ඔයාලා දන්නවත් ඇති.ඒත් නොදන්න අයත් ඉන්න පුළුවන් නේ.ඒ අයට තමයි මේ කතාව.
මේ වෙබ් අඩවියේ නම " මයිවෙබ්ෆේස් " .
මේ වෙබ් අඩවියෙන් නොමොලේ ලබා දෙන ටූල්බාර් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ,ටූල්බාර් එක භාවිතා කරලා ඔයාලගේ පරිඝණකයේ ඕනම ෆෝල්ඩරයක තියෙන ෆොටෝ එකක් කාටූන් රූපයක් බවට හරවා ගන්න පුළුවන්.

2010/11/08
ඊසොප් නොකී කතා
හොදම දේ එකම තැනකින් කියලා කිවුවනේ.ඒ නිසාම රස කතා දෙක තුනකුත් දාන්න කියලා හිතුවා.
මේ කතා තුන නම් අහුල ගත්තේ පත්තරේකින්.එච්චරම හිනා යන්නේ නෑ.ඒත් ජීවිතේට එකතු කර ගන්න පාඩමක් නම් තියන බව මතක් කරන්න ඔනේ.
* දවසක් සිංහ හමක් පොරෝ ගත්ත හිවලෙක් ගමනක් ගියා.ගමනෙන් භාගයක් යනකොට සිංහ හම ටිකෙන් ටික පළුදු වෙන්න පටන් ගත්තා.කැලේ අනිත් සත්තු ඔක්කෝටම තේරුණා මේ සිංහයෙක් නෙවෙයි හිවලෙක් බව.උන් හිවලාට උසුළු විසුළු කලා.සිංහ වෙස් ගත් හිවලා සිංහයෙක් වගේ ගර්ජනා කරා.ඒත් කැලෑව පුරා රෑව්පිළි රෑව් දුන්නේ හූ හඩක් විතරයි.ඊට පස්සේ දවසක් ඇත්ත සිංහයෙක් මේ කැලෑවට ආවා.ඊට අපු වෙනිදා ඒ සිංහයා හිටපු ගල් ගුහාව ළග හිවල් හමක් වැටිලා තිබුණා.
මේ කතා තුන නම් අහුල ගත්තේ පත්තරේකින්.එච්චරම හිනා යන්නේ නෑ.ඒත් ජීවිතේට එකතු කර ගන්න පාඩමක් නම් තියන බව මතක් කරන්න ඔනේ.

2010/11/07
දියුණු වෙනවා නම් මෙන්න ක්‍රමේ... Barn Buddyයේ credit ගන්න විදිය
BarnBuddy ෆේස් බුක් එකේ ඉන්න ගොඩක් දෙනෙක්ගේ ජනප්‍රිය මාතෘකාවක්නේ.ඉන්ටනෙට් එකේ තියන ඔන්ලයින් ගේම්ස් වලින් ගොඩක් දෙනෙක් Play කරන ගේම් එකක්.වැඩෙත් ලේසියි.පොඩි ගතියකුත් තියනවානේ.
ඉතිං උදේ රෑ කියලා වෙනසක් නැතිව වතුර දාලා පොහොර දාලා අමාරුවෙන්නේ වගාව බලා කියා ගන්නේ.ඔය අතරතුර ඌරෙක් කුකුළෙක් එහෙමත් ෆාම් එකට දා ගන්න අමතක කරන්නේ නෑනේ.ඒත් ඉතිං සමහර සත්තු, බීජ, පොහොර මිලදී ගන්න Facebook Credits වලින් ගෙවන්න වෙනවනේ.

Facebook Credits ගන්න එක තමයි අපි තියෙන ලොකුම ප්‍රශ්ණේ.මෙන්න ඒකට විසදුම....
2010/11/06
මොකක්ද මේ DirectX
පරිඝණක ක්‍රීඩා, අළුත් චිත්‍රපටි වැනි මල්ටිමීඩියා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න DirectX ඕනේ කියලා ඉල්ලනවා නේද..?
මටත් ඕක ලොකු ප්‍රශ්ණයක් වෙලා තිබුණේ.නිකන් ඉන්න එකේ මේ ගැන ටිකක් හොයලා බලන්න හිතුනා.මෙන්න මෙහෙමයි විස්තරේ.
පරිඝණක ක්‍රීඩා, අළුත් චිත්‍රපටි වැනි මල්ටිමීඩියා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යොදා ඇති නොයෙක් ප්‍රයෝග ඒ අයුරින්ම අත්විදීමට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සමග තිබෙන තාක්ෂණය තමයි DirectX කියන්නේ.

නොරෑවටී යන්න යමු, කහ ඉරෙන් එතෙර වීලා....
ආදරවන්තයින්ට බාහිර සමාජයෙන් බාධා එල්ලවීම් හැම කාලෙම තිබුණා.ඒ බොහෝ විට වැඩිහිටියන්ගෙන්.නමුත් ආදරවන්තයින්ට තවත් බාධා තිබුණා.
තදබදයකින් යුතු මාවතක නිදහසේ ඇවිද යන පෙම්වතුන් යුවලක් ගැන බොහොම අපූරු ගීයක් ලියවුණා.ගිනිගහන අව්වේ උණු වූ තාර පාරේ ඇවිද යන විටත් ප්‍රේමාන්විත හැගීම් නිසා රළු පාර පවා ඔවුන්ට මෘදු ඇතිරිල්ලක් වුණා.අනේක විද වාහන සෙනහ ගැන නොතකා අපි අපේ ගමන යමු කියලයි ඔවුන් කියන්නේ.

කරදර නැති avast ඇන්ටි වෛරස් ආරක්ෂකයා
වෛරස් ගාඩ් ගැන හැම තැනම කතා වෙනවා.ඒත් සමහර අයට මේක ඇලජික් මාතෘකාවක්..දවසින් දවස වෛරස් ගාඩ් මාරු කරලා එපා වෙලා නේද..?
ඒත් හරියට හරියන එකක් සෙට් උනේ නෑනේ..
ඔන්න දැන් ඒ කරදරෙත් ඉවරයි..සමහර විට මේ ගැන දන්නවත් ඇති.පාවිච්චි කරනවත් ඇති.නොදන්න අයත් ඉන්නවානේ.එයාලට තමයි මේ කතාව.
avast ඇන්ටි වෛරස් මෘදුකාංගය.නොමිලේ දෙන වෛරස් ගාඩ් එකක්.ෆයිල් එක ලොකුත් නෑ,අනිත් වෛරස් ගාඩ් වගේ රැම් එකට හාඩ් එකට ලෙඩ දාන්නෙත් නෑ.
නොමිලේම ලියාපදිංචියත්[Register] හම්බෙනවා.නොමිලේම අප්ඩේට් එකත් දා ගෙන ඉන්න පුලුවන්.

2010/11/05
හාඩ් ඩික්ස් එකේ පාලනට අතට ගමු.
පරිගණකවල හාඩ් ඩික්ස් එක තමන්ට ඕන විදියට පාලනය කරන්න තියනවනම් හොදයි නේද,,හරි දැන් වැඩේ ලේසියි.මේ වැඩේට හරියන වැඩසටහනක් හදුන්වලා දීලා තියනවා.ඒකේ නම තමයි " පැරගන් හාඩ් ඩික්ස් මැනේජර් 2010 "
Subscribe to:
Posts (Atom)