බොහෝ දෙනාගේ හදවත් තුළට සදාකාලික කඳුළක් ඉතිරි කර දුන්, බොහෝ දෙනාගේ හදවත් තුළට සදාකාලික දුක් මතක සටහන් ඉතිරි කර දුන් මෑත කාලයෙ සිදුවූ මහා ඛේදවාචකය "සුනාමි ව්‍යයසනයෙන්" 2010 ක් වූ දෙසැම්බර් මස 26 දිනට වසර 6ක් සපිරෙයි.
සුනාමිය ඇති වූයේ කවදාද, කෙසේද යන්න පිළිබඳ නැවත නැවත කතා කිරීම අවශ්‍ය නොවේ.මක් නිසාද යත් ඒ පිළිබඳව අපි හොඳින් දන්නා නිසාවෙනි.සුනාමියෙන් අසරණ වූවෝ මෙන්ම කරමළු පුරවා ගත්තවුන්ද සිටි බව ප්‍රසිද්ධ රහසකි.කෙසේ හෝ වේවා සුනාමියෙන් සිදු වූ ජීවිත හානි මෙන්ම දේපළ හානි ද සුළුපටු නොවීය.
දරුවන්ට තම දෙමාපියන්, දෙමාපියන්ට තම දරුවන් අහිමි විය.බිරිඳට ස්වාමියා අහිමි විය.ස්වාමියාට බිරිඳ අහිමි විය.අපිට අපේ නෑදෑ හිතමිතුරන් අහිමි විය.අපේ ගමට අපේ රටට අපේ මිනිසුන් අහිමි විය.
දැන් සියල්ල සිදු වී හමාරය.වසර 6ක් ගත වී හමාරය.එනමුත් ඒ ගැන අදත් අපිට කතා කරන්නට බොහෝ දේ ඉතිරිව ඇත.සුනාමියෙන් අවතැන්වූවන්ගෙන් බහුතරයක් තවමත් මහ මඟය.අඟුපිල් වලය.අනාථ වූ දරුවන් ද බොහෝමය.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නට යන මේ ගමනේ මේ ගැනත් සිතිය යුතුය.කුරා කූඹියෙකුටවත් වරදක් නොකර තම ජීවිතයෙන්, තම අනාගතයෙන්, නෑදෑ හිතමිතුරන්ගෙන් වන්දි ගෙවන පිරිසක් තවමත් සිටින බව අමතක කළ නොහැක.ඔවුන් ගැන සොයා බලා කටයුතු සිදුවන බව දන්නා කරුණකි.කියන්නේ ඔවුන් ගැන වඩ වඩාත් තව තවත් අවධානය යොමු කළ යුතුය යන්න පිළිබඳවයි.

සංවාදයට විවෘතයි.
සුනාමියෙන් පසු එක්ව නැගී සිටිමු යන්න මතක් කර දීම ගැන ඔබට බොහොම ස්තූතියි.
ReplyDelete