ලොව ඉතිරී වී ඇති රජ පවුල් අතරින් බ්‍රිතාන්‍ය රජ පවුලට හිමි වන්නේ ඉහළ ස්ථානයක්.ඒ රජ පවුලට හිමි හිරු නොබසින අධිරාජ්‍යයේ මහගෙදර 'බකිංහම් මාළිගාව [Buckingham Palace]' ලොව පුරා නොදන්නා කෙනෙක් නැති තරම්.
ලන්ඩනය මැද අක්කර 50ක් පුරා පැතිරී ඇති මෙම මාළිගාව මුලින්ම ඉදි කර ඇත්තේ ක්‍රි:ව 1703 දී බකිංහැම් ආදිපාදවරයා විසින්.ක්‍රි:ව 1762 දී තුන්වැනි ජෝර්ජ් රජු තම බිරිඳට තෑගි කිරීම සඳහා මෙය පවුම් 21000 මිලදී ගෙන තිබෙනවා.අද තියෙන තත්වෙට මේක හදලා තියෙන්නේ හතරවෙනි ජෝර්ජ් රජතුමා විසින්.කොහොම වුණත් රජ පවුලේ මහගෙදර වශයෙන් මේක තෝරගෙන තියෙන්නේ ක්‍රි:ව 1837 දී වික්ටෝරියා මහ රැජින විසින්.
මෙහි ඇති කාමර ගණන 600ක්.ඒත් රජ පවුලේ සියළුදෙනා භාවිතා කරනු ලබන්නේ කාමර 12ක් පමණයි.මෙම කාමර අතරින් ඔටුණු කාමරය, සාත්තු කාමරය ආදී වශයෙන් කාමර වෙන්කරලා තියනවා.
මාළිගාවේ ඇති කෝරිඩෝ වල දිග සැතපුම් තුනක් විතර වෙනවා.දිනක් පස්වැනි ජෝර්ජ් රජුගේ බිසව මෙහි අතරමංවී පැය තුනක් සිටි බවත් කියවෙනවා.සෑම කෝරිඩෝවකම අලංකාර බුමුතුරුණු අතුරා තිබෙනවා.
මෙහි ජනේල දසදහසක් පමණ තියෙනවා.එහි දිනපතා පිරිසිදු කිරීම් සඳහා සේවකයින් දස දෙනෙකු යොදවා තිබෙනවා.
මෙහි විශාල ශාලා කීපයක් තිබෙනවා.ඒ අතරින් රජ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප සහිත ශාලාව විශේෂයි.මෙහි සියළු ස්ථාන අලංකාර සීවිලිම්, විදුලි පහන් හා ගෘහ භාණ්ඩ වලින් සරසලයි තියෙන්නේ.මෙහි තැන තැන තබා ඇති ඔරලෝසු ගණන 300ක්.ඒවා දින දෙකකට වරක් පෝඩ්ෆාම් නියෝජිතයන් නඩත්තු කරනවා.
මෙහි වහලය මත අඩි 75ක් උස දැවැත්ත කොඩි ගසක් තියනවා.රාජකීය කොඩිය ලෙළදෙන්නේ රැජින මාළිගාවේ සිටින විටයි.කෙසේ වෙතත් මේසා විශාල මාළිගාවේ සේවක මණ්ඩලය ඉන්නේ 200ක් විතරයි.කොහොම වුණත් මෙහි සියළු නඩත්තු කටයුතු කරනු ලබන්නේ ජනතාවගේ මුදල් වලින්.එහි වාර්ෂික වියදම ස්ටර්ලිං පවුම් මිලියන 50ක්.
"එහි වාර්ෂික වියදම ස්ටර්ලිං පවුම් 50ක්."
ReplyDeleteයකඩෝ.. එහෙනම් බ්‍රිතාන්‍ය රජමාළිගාව අපේ ගෙදරට වඩා පොඩියිනේ. මොකද අපේ ගෙදර අවුරුද්දක් මාසයක් නඩත්තු කරන්නත් ස්ටර්ලිං පවුම් 50කට වඩා යනවා. hiks :D
මෙතන ස්ටර්ලින් පවුම් මිලියන 50ක් ලෙස නිවැරදි වෙන්න ඕනේ මම හිතන්නෙ.. ලොල්
ReplyDelete@Bhagya Sanuka:- ඔව්.මෙහි වාර්ෂික වියදම ස්ටර්ලිං පවුම් මිලියන 50ක්.පුංචි වැරැද්දක් වුණේ.ස්තුතියි මතක් කරලා දුන්නට.ඔන්න මම වැරැද්ද නිවැරදි කලා...!
ReplyDelete