(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/12/08

බ්ලූටූත් උපාංග වලින් හොරකම ඇරඹේ....

අදත් ඔයාලට කියන්න යන්නේ බොහොම වැදගත් දෙයක්.මේ ගැනත් ඔයාල දැනුවත් කරන එක හොඳයි කියලා හිතුවා.එහෙනම් කියවලාම බලන්න.


"බ්ලූටූත්[Bluetooth]" අපි හැමෝම දන්න දෙයක්නේ.ලොකු පොඩි භේදයක් නැතිව කවුරු කවුරුත් වැඩියෙන්ම තොරතුරු හුවමාරු කර ගන්නේ බ්ලූටූත් වලින්නේ.


"බ්ලූටූත්[Bluetooth]" ගැන වැඩිදුර ලියවුණු ලිපියක් මෙතනින් බලන්න.


බ්ලූටූත්වල ජනප්‍රියතාවය වැඩි වෙනවත් එක්කම එහි තිබෙන හැකියාවත් වැඩි දියුණු කරා.ඒත් එක්කම හුවමාරු වෙන තොරතුරු හොරකම් කිරිමත් වැඩි වෙලා තියෙනවා.බ්ලූටූත් වලින් හුවමාරු වෙන තොරතුරු වල උපයෝගීතාවය වැඩි කරන්න විවිධ මෘදුකාංග තියනවා.මේවා හඳුන්වන්නේ 'පෙයාරිං මෘදුකාංග[Pairing Software]' කියලා.මෙමඟින් දෙපාර්ශවයම කැමති වී එක උපාංගයක ඇති තොරතුරු අනෙක් උපාංගයට පිටපත්[Cpoy] කරන්න පුළුවන්.


මෙසේ හුවමාරු වෙන තොරතුරු, තුන්වෙනි පාර්ශවයක් හොරකම් කරන්නට පුළුවන්.මේක අවසර නොළත්[Unauthorized] ඩැහැ ගැනීමක්.මේක කරන්නේ හැකර්කරුවන්,මේ සඳහා විශේෂ වැඩසටහන් යොදා ගන්නවා.මේ හොරකම හඳුන්වන්නේ "බ්ලූස්නාෆිං[Bluesnarfing]" කියලා.


බ්ලූටූත් හරහා රහසිගත තොරතුරු හුවමාරු කරන පාර්ශවයන්ට බ්ලූස්නාෆිං බිය ගෙන දෙන කරුණක්.මොකද තමන්ට නොදැනිම තොරතුරු පිටස්තරයන්ට යන්න පුළුවන් නිසා.මෙහෙම කිව්වට මේ වැඩේත් එච්චර ලේසි නෑ.ඒ නිසා දුක් විදගෙන හරි හොරකම් කරන්නේ විශේෂ පුද්ගලයන්ගේ තොරතුරු විතරයි.පුංචි අපි ඒ තරම් බය වෙන්න ඕනේ නෑ.


කොහොම වුණත් බ්ලූස්නාෆිං වලින් බේරෙන්න කරන්න පුළුවන් පොදු දෙවල් කීපයක් තියෙනවා.ඒ ගැනත් දැනගෙන ඉන්න එක හොඳයිනේ.එකක් තමයි, බ්ලූටූත් උපාංග අනිත් උපාංග වලට හොයා ගන්න බැරි විදියට[Non Discoverable] තියෙන එක.බ්ලූටූත් උපාංග වල පාස්වර්ඩ්[Password] නිතර නිතර වෙනස් කිරීමේ ක්‍රම භාවිතා කරන්නත් පුළුවන්.ප්‍රධානම දේ තමයි නොදන්නා උපාංග වලට පෙයාරිං නොකර සිටීම.ඒක තමයි හැකර්කරුවන්ගෙන් බේරීමට තියෙන හොඳම උපක්‍රමය.

7 comments:

  1. වැදගත් දෙයක්!!!

    ReplyDelete
  2. non discoverable කරල තිබුනත් backtrack මඟින් අවශ්‍යතාවයක් ඇතොත් වැඩේ කරන්න පුලුවන්

    ReplyDelete
  3. ඉලංදාරියා:-ස්තුතියි ප්‍රතිචාරයට....!

    Lahiru:-ස්තුතියි ප්‍රතිචාරයට....!

    ReplyDelete
  4. maxtalker:- මම ගැන අහලා තියෙනවා.ඒත් ඒ ගැන කියන්න වැඩි විස්තරයක් දන්නේ නෑ.පුළුවන්නම් ඒ ගැන විස්තරයක් අපේ යාළුවන්ට කියන්න.
    ස්තුතියි ප්‍රතිචාරයට....!

    ReplyDelete
  5. Hoda lipiyak.... Stuti...

    ReplyDelete