(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/12/05

''''ඔන්න අදට හරියටම මාසයයි'''''



මතකද   "හාඩ් ඩික්ස් එකේ පාලනට අතට ගමු " කියන ලිපියක් එක්ක පටන් ගත්ත බ්ලොග් අඩවිය.ඒ හරියටම 2010 නොවැම්බර් 5 වෙනිදා.'(¯`•._.•මනූගේ blog සටහන•._.•´¯) ' මුලින්ම පටන් ගත්තේ එදා.අද 2010 දෙසැම්බර් 5 වෙනිදා.ඒ කියන්නේ '(¯`•._.•මනූගේ blog සටහන•._.•´¯)'පටන් අරගෙන හරියටම අදට මාසයයි.පුංචි අහිංසක සතුටකුත් නැතුව නෙවෙයි.මොකද එදා වැඩේ පටන් ගන්නකොට වඩා අද ටිකක් විතර ඉදිරියෙන් ඉන්න නිසා.

ඉතිං මම බ්ලොග් කලාවට ටිකක් අළුත් කෙනෙක්.මම මුලින්ම මේ වැඩේ ගැන කිව්වේ මගෙත් එක්ක වැ කරන අයියා කෙනෙක්.මුලින්ම එයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ.


සමහර මගේ යාළුවෝ දන්නවත් ඇතිනේ.මුලින්ම මම බ්ලොග් එකක් විදියට පටන් ගත්තේ '(¯`•._.•මනූගේ blog සටහන•._.•´¯)'නෙවෙයි."''පැනියගේ ලෝකේ"   සමහර විට දැකලත් ඇතිනේ.මම මුලින්ම කරපු බ්ලොග් එක තමයි  "පැනියගේ ලෝකේ".  ඒ 2010 ජූනි 15වෙනිදා.


අන්තර්ජාලයෙන් කොච්චර වැඩ ගත්තත් අනුන්ගේ කරන කියන දේවල් දිහා බලන් ඉන්න බැරුව වල කපන මිනිසුත් ඉන්නවනේ.ඔන්න ඔය වගේ වලවල් කපන එකෙක් 2010 ඔක්තෝබර් 25 වෙනිදා මගේ ඉ-මේල් ගිණුමයි, මූණු පොතේ ගිණුමයි, පැනියගේ ලෝකේ බ්ලොග් අඩවියයි හැක් කරලා තිබුණා.අයෙත් හදා ගන්න බැරි විදියට.මේ ගැන මගේ මූණු පොතේ ගොඩක් යාළුවෝ දන්නවා.
හැක් කරපු මගේ මූණු පොත[Face Book Account]- පැනියගේ ලෝකේ බ්ලොග් අඩවිය මෙතනින් බලා ගන්න.




'(¯`•._.•මනූගේ blog සටහන•._.•´¯)සටහන කියලා අළුතින් බ්ලොග් එකක් පටන් ගන්න ප්‍රධානම හේතුව වුණේ ඔන්න ඔය සිද්ධිය.හැමදේම වෙන්නේ හොඳටනේ කියලා කතාවකුත් තියනවනේ.පැනියගේ ලෝකේ බ්ලොග් අඩවිය කරගෙන යනකොට ලැබිච්චි අත්දැකිමුත් එක්ක ඊට වඩා හොඳ තත්වෙක '(¯`•._.•මනූගේblog සටහන•._.•´¯)තියනවා කියලයි මම විශ්වාස කරන්නේ.


කොහොම කොහොම හරි  
'(¯`•._.•මනූගේ blog සටහන•._.•´¯)
ට අදට හරියට මාසයයිනේ.මේ වෙනකොට රටවල් 25ක 700ක් විතර කට්ටිය 2000 වතාවක් විතර  
ට ගොඩ වැදිලා තියනවා.'ලාංකීය සිතුවිලි', 'ලාංකීය බ්ලොග් කියවනය', 'ලංකා Blogger', ' සිංහල බ්ලොග් කියවනය' වගේ සින්ඩිවලත් සාමාජිකයෙක්.


ඉතිං 
කරගෙන යන්න සහයෝගය දක්වන, ප්‍රතිචාර දක්වන, වැරදි අඩුපාඩුකම් කියාදෙන හැමෝටම ගොඩක් ස්තුතියි.මේ මාසේ පුරාවට වගේම හැමදාමත් ඔයාලා හැමෝම මගෙත් එකක් ඉඳී කියලා මම විශ්වාස කරනවා.නැවත වාරයක් හැමෝටම ගොඩක් ස්තුතියි....!

ඔබය ජය...!

No comments:

Post a Comment