(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/12/03

''''''සරා සිහින රහසේ දිවුරා කියා''''''''

දුක හිතෙන හීනයක් දැක්කම ඇස් වලට ගලන කඳුළු දරා ගන්න අමාරුයි.හීනෙන් පවා ආදරෙයි කියලා දිවුරලා කියපු ඔයා මාව අමතක කරලා ගොඩක් දුර ගිහින්.ඒත් හිතේ කඳුළු පුරෝගෙන මම තාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා  එදා පොරොන්දු වුණා වගේම.

හැමදාම හැන්දෑවට කළුවරත් එක්ක මගේ හිතේ තනිකම මකන්න කඳුළු ඉඳීවි.කවදාවත් වෙනස් වෙන්නෙ නැති මගේ ආදරේ වෙනුවෙන් මහ මුහුදටත් වඩා වුණත් අඬන්න මට පුළුවන්.කවදාවත් ආයෙත් මගේ ළඟට එන්නේ නැති ඔයා වෙනුවෙන්.ඒ ගලන කදුළු මගේ ආදරේ වෙනුවෙන්.කවදාවත් වෙනස් වෙන්නේ නැති මගේ ආදරේ වෙනුවෙන්.

සරා සිහින රහසේ දිවුරා කියා - සිතේ කදුලු පහසේ මැවුණා සිනා
කොහේ ඇවිද හෝ මා - හද සිතුවිලි විල කළඹා
හැරදා මා ඔබ ගිය දා - උන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුරා කියා....

සිත කඳුලැල්ලේ තවරා - කළුවර රසකර වින්දා
සද සෙවනැල්ලක හැංගී - මගේ ඇස් තනිකර තෙමුණා
එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ

තනි හදකින් හඬ දෙදරා - හරි ආදරයක් හින්දා
යළි කවදාවත් නොවෙනා - මහ සාගරයක හැඬුවා
එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ

අහිමි වුණු ආදරයක් වෙනුවෙන් ලි‍යැවුණු සොඳුරු ගීයක්.ගී හඬ තාරුණ්‍යයේ ලයාන්විතයන් දෙදෙනාගෙන්.
ගායනය:- භාතිය සහ සන්තුෂ්[ BnS]

මේ සොඳුරු ගීයේ පද රචනය හා සංගීත රටා කාගෙද කියලා දන්නවනම් කියන්න.

ගීතය මෙතනින් බා ගන්න[mp3 DOWNLOAD HERE]

2 comments: