(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/12/10

උබුන්ටු CD එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගමුද..



මෙහෙයුම් පද්ධති අතරින් මේ දවස් වල ටිකක් වැඩිපුර කතා වෙන මාතෘකාවක්නෙ උබුන්ටු[UBUNTU] කියන්නෙ.වින්ඩෝස් වලට පොඩි පොඩි අභියෝගයකුත් එක්ක ඉස්සරහට එනවා.මේ වෙනකොට උබුන්ටු අළුත්ම සංස්කරණයත් ඇවිත් තියනවා.[10.10]


උබුන්ටු කියන්නෙ ලිනක්ස්[Linux] පාදක මෙහෙයුම් පද්ධතියක්.ලොවපුරා සියළුම දෙනාට නොමිලේම ලබා ගන්න පුළුවන් ඕපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියක්.මෙහි විශේෂත්වය තමයි,වින්ඩෝස් භාවිතයේදී මෙහෙයුම් පද්ධතියට අමතරව අපි වෙනත් සහය මෘදුකාංග ස්ථාපිත කරන්න වෙනවා.ඒ කියන්නේ ඔෆිස් පැකේජය,පොටෝෂොප් වැනි දේවල්.උබුන්ටු මෙහෙයුම් පද්ධතිය තුළින් මේ දේවල් මෙහෙයුම් පද්ධතිය තුළින්ම ලබාදීලා තියෙනවා.ඒ නිසා නැවත් ස්ථාපිත කිරිමක් අවශ්‍ය වෙන්නේ නෑ.



උබුන්ටු මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලය හරහා නොමිලේ බාගත් කර ගැනීමේ හැකියාව ලබා දීලා තියනවා.ඒ වගේම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් CD එකක් ලෙස නොමිලේම ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්.


වැඩේ කරන්නෙ මෙහෙමයි.
මොනදේ කරන්නත් මුලින්ම ලියාපදිංචි වීම අනිවාර්යයයි.ලියාපදිංචි වෙන්න මෙතනින්[Register here]

ඊළගට දැනට ලියාපදිංචි වෙලා ඉන්න අයයි අළුතින් ලියාපදිංචි වුණු අයයි මෙතනින් ඇතුල් වෙන්න [log here]

බාගත[download] කර ගන්නවනම් ,


CD එක නොමිලේ ගෙදරට ගෙන්න ගන්නවනම් ,
මෙන්න මෙතනින්[click here] තමන්ට කැමති සංස්කරණය[Edition] ඉල්ලන්න පුලුවන්.
මේ සඳහා සති 2-3ක් අතර කාලයක් ගතවෙනවා.



වැදගත්;- කැනෝනිකල් සමාගම,උබුන්ටු ව්‍යාපෘති පවත්වාගන යමින් නිදහස් මෘදුකාංග ව්‍යාප්ත කිරීමට මාක් ෂට්ල්වර්ත් මහතා යොදවන්නේ තමන්ගේ පෞද්ගලික ධනය.මේ නිසා හැකිනම් බාගත කිරීම් කරන එක තමයි හොඳම දේ.මොකද ඔවුන් ලොවපුරා තාක්ෂණය බෙදා හරින්නේ විශාල මුදලක් වැය කරලා.උබුන්ටු අපි අනිවාර්යෙන්ම ස්ථාපිත කර ගන්නවානම් CD එකක් ගෙන්වා ගැනීමේ වරදක් නෑ,නමුත් තමන්ගේ CD එකතුවට ගන්නනම් ගෙන්වා ගැනීම නොකළයුතුයැයි මගේ අදහස.

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරය දිලා යන්න.

3 comments:

  1. පැණියගෙ ලෝකේ පෝස්ට් එක සහ ඒකට වැටුන කමෙන්ට් පොඩ්ඩක් මොඩිෆයි කරල වගේ.කමක් නෑ හැබැයි තමන්ම ලිව්වොත් නේද හොඳ

    ReplyDelete
  2. http://paniyage-loke.blogspot.com/2010/06/blog-post_22.html

    ReplyDelete
  3. අහා... මම හිතුවා ඔයාලා ඔය ගැන කියයි කියලා.බය වෙන්න දෙයක් නෑ.ඇත්ත මේක පොඩ්ඩක් මොඩිෆයි කළානම් තමයි.ඒත් කොපි කිරීමක් නෙවෙයි.මොකද පැණියගෙ ලෝකේ බ්ලොග් අඩවියත් මගේ.ටිකක් කරුණු එකතු කරලා නැවත පල කිරීමක් විතරයි.

    මම ඔයාලට මීට කලින් ලිපියකින් මේ ගැන කියලා තියනවා.බලපු නැති අය ඉන්නවනම් ඒ ලිපිය මේ සබැඳියෙන් බලන්න.
    http://manubloggers.blogspot.com/2010/12/blog-post_05.html

    මෙහිදී තීර්ථ යාත්‍රිකයාට සහ ඉන්දරේ සහෝදරයට ස්තුතිවන්ත් වෙන්න ඔනේ.මගේ පරණ ලිපියේ තිබුණු අඩුපාඩුකම් පෙන්වලා දුන්නට.

    කොහොම වුණත් ස්තුතියි ප්‍රතිචාර වලට...!

    ReplyDelete