(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/12/12

කරළියට එන අමුතු ගැජට්- [02 කොටස]

අයිරිස්පෙන් පෝටබල් ස්කෑනරය

මේක අතේ ගෙන යා හැකි තරම් කුඩාවට තමයි හදලා තියෙන්නේ.පොතක හෝ වෙනත් ඕනම ලියවිල්ලක ඇති අකුරු හා ඡායාරූප පහසුවෙන්ම ස්කෑන් කර ගන්න පුලුවන්.වඩා වැඩි මතකයක් අපට අවශ්‍ය නම් එක්ස්ටනල් හාඩ් එකක් සවිකර ගැනීමේ හැකියාව මෙහි තියෙනවා.භාෂා 128ක අකුරු හඳුනා හැකි භාෂා පරිවර්ථක මෘදුකාංගයක් ද මෙහි ඇතුළත්.
  
ලේබල් ප්‍රින්ටරය
පරිඝණකයට USB පෝට් එකක් හරහා සම්බන්ධ කළ හැකි මෙම ප්‍රින්ටර් එක ඇමෙරිකාවේ සීකෝ සමාගම තමයි හඳුන්වලා දීලා තියෙන්නේ.මේක හඳුන්වන්නේ " ස්මාර්ට් ලේබල් ප්‍රින්ටර්[The Smart Lable Printer]" නමින්.එදිනෙදා වැඩ වලට ඕනේ කරන ලෙබල් පහසුවෙන ප්‍රින්ට් කර ගන්න පුළුවන්.තත්පර 8 කදී අඟලක් දිග ලෙබලක් මෙමඟින් ප්‍රින්ට් කර ගන්න පුළුවන්.
ෆින්ගර්ප්‍රින්ට් අඟුලක් ඇති හාඩ් ඩ්‍රයිව් එකක්


ඇමෙරිකාවේ ඇප්‍රිකෝන් සමාගම තමයි මේක හදලා තියෙන්නේ."ඒජීස් බයෝ[Aegis Bio]" නමින් නම් කරලා තියෙන මේක ඉතා ආරක්ෂක උපාංගයක්.මෙහි ඇති ගොනු විවෘත කරන්නට නම් අදාල ඇඟිලි සලකුණ ලබා දිය යුතුයි.මේ නිසා වඩා රහසිගත ලියවිලි සඟවා තබන්නට මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.




3 comments:

  1. CoooooooooooooL

    ReplyDelete
  2. මල් හතයි........

    ReplyDelete
  3. @Astro Boy & subashblog:- ස්තුතියි ගොඩා....ක් !

    ReplyDelete