තම මධුර කටහඬින් හා ඇඟිලි තුඩු වලින් මැවූ මධුර සත්සර නාදයෙන් සුවහසක් වූ රසික ජනයා අමන්දානයට පත්කළ, වසඟයට පත්කළ ඒ සොදුරු සංගීතවේදියා අද සියළු රසිකයන්ගේ නෙතඟට කඳුළු ඉතිරි කර මෙලොවින් සමු ගත්තේය.
ග්‍රේෂන් ආනන්ද නම් වූ ඒ සොදුරු සහෘදයානන් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයට දායාද කළ ගිත අපමණය.ඔහුගේ සංගීත නාද රටාවන් එක් කළ ගීත අපමණය.
අම්මා පෙව් කිරි කඳුලින් ලොවක් හැඩකළ, සුරලියක වගේ අඟනා සුරංගනීට මාළු ගෙනාව, බාලේ පුංචි කාලේ වගේ සතුටින් නිදැල්ලේ ඉඟිලී යන්නට කුරුල්ලන්ට කතා කළ ඒ කෘතහස්ත සංගීතවේදියා ඒ මතකයන් සියල්ල ඉතිරි කර අප හැරදා ගොස් ඇත.
ග්‍රේෂන් ආනන්ද ආදරණීය කලාකරුවාණෙනි, ශ්‍රී ලාංකීය සංගීත කලාවට ඔබ දැක්වූ සේවාව අමිලය, අප්‍රමාණය.ශ්‍රී ලාංකික රසික හදවත් තුළ ඔබ සදා අමරණීයයි.
ආදරණීය කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව....!
ඉපදී ලොවේ නවාතැන් පොලේ
මිනිසා රඟයි රංඟනේ...
භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ.....
සිනහා කඳුළු එනවා යනවා
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::
භවයෙන් භවේ විරාමේ අපේ
ReplyDeleteකාලේ ටිකයි ජීවිතේ.....
සිනහා කඳුළු එනවා යනවා
ආදරණීය කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව....!
එතුමන්ගේ මතක අවදි කල ඔබටත් බොහොම ස්තුතියි
@Ayesha:- ඔබටත් ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට....!
ReplyDelete