(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/12/22

ඩේටා ට්‍රැවලර් 300 [Data Traveler 300]

කින්ස්ටන් ටෙක්නොලොජී [Kingston Technology] සමාගම විසින් අති දැවැන්ත ධාරිතාවයකින් යුතු යූඑස්බී ෆ්ලෑෂ් ඩ්‍රයිව්[USB Flash Drive] එකක් හඳුන්වා දී තිබෙනවා.මේක නම් කරලා තියෙන්නේ ඩේටා ට්‍රැවලර් 300 [Data Traveler 300] නමින්.දැන් මෙය සැලකෙන්නේ ලොව වැඩිම ධාරිතාවයක් ඇති ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක ලෙසයි.මෙහි ගිගා බයිට් 256[256 GB] ක ධාරිතාවයක් තියනවා.මීට කලින් තිබූ හොඳම  ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක ඩේටා ට්‍රැවලර් 200[Data Traveler 200] ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකයි.එහි ධාරිතාවය 128GB ක්.

මෙහි ධාරිතාවය විශාල වුණත් සාමාන්‍ය ඩේටා ට්‍රැවලර් එකකට සමානයි.මෙය දිගින් සෙ.මි. 7.5 ක්, පළලින් සෙ.මි. 2ක් හා ඝනකම සෙ.මි 1.5 පමණ වෙනවා.මෙහි තිබෙන්නේ සාමාන්‍ය යූඑස්බී 2.0 [USB 2.0] 'ප්ලග්' එකක්.ඒ කියන්නේ ඕනම මාදිලියක යූඑස්බී එකකට සම්බන්ධ කරන්න පුළුවන්.තත්පරයට මෙගාබයිට් 20ක[20 MB/s] වෙගයෙන් තොරතුරු කියවීමටත්, තත්පරයට මෙගාබයිට් 10ක[10 MB/s] වෙගයෙන් තොරතුරු රැඳවීමේ හැකියාවත් තියනවා.
මෙහි තිබෙන විශේෂ ලක්ෂණය වන්නේ මෙහි අඩංගු කර ඇති පරිඝණක ආරක්ෂක වැඩසටහනයි[Security Software].එමඟින් මෙහි ඇති තොරතුරු වල ආරක්ෂාව තහවුරු වීම සිදු වෙනවා. මෙම වැඩසටහන හඳුන්වන්නේ පාස්වර්ඩ් ඩේටාට්‍රැවලර්[Password Traveler] නමින්.

කින්ස්ටන් ටෙක්නොලොජී [Kingston Technology] සමාගමේ යුරෝපා කලාපයේ 'අලෙවි කළමණාකරු කර්ස්ටි මිලර්' ඩේටා ට්‍රැවලර් 300 වෙළඳපොළට නිකුත් කරමින් කියා තිබෙන්නේ " එක දවසකට එක ගානේ අවුරුද්දක් තුළදී බලන්නට චිත්‍රපට 365ක්ම මේ කුඩා උපකරණයේ රඳවන්නට පුළුවන්" කියාය.

5 comments:

  1. හොද news එකක්

    ගන්න පුලුවන් අයට ගෙන්න් අගන්න මෙන්න ලින්ක් එක ..
    හෑබෑයි ගන්නකලින් විකුනන එක්කේනාගෙන් අහන්න මෙක ෆෙක් එකක්ද කියලා ..

    http://shop.ebay.com/i.html?_nkw=Data+Traveler+300&_armrs=1&_from=&_ipg=

    ReplyDelete
  2. නියම නිවුස් එකක්...

    ReplyDelete
  3. ඔයාලගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.ස්තුතියි හැමෝටම..

    ReplyDelete
  4. එල එල.. තොරතුරු ටික වටිනව.. :)

    ReplyDelete