(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2010/12/31

♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪කිරි ඉතිරේවා නව වසරේ ♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪



සාමය සතුට පිරි
සුභම සුභ
නව වසරක් වෙවා....!

පැතුම
මනුගේ blog සටහනින්

2010/12/30

සිනහා කඳුළු එනවා යනවා...!

තම මධුර කටහඬින් හා ඇඟිලි තුඩු වලින් මැවූ මධුර සත්සර නාදයෙන් සුවහසක් වූ රසික ජනයා අමන්දානයට පත්කළ, වසඟයට පත්කළ ඒ සොදුරු සංගීතවේදියා අද සියළු රසිකයන්ගේ නෙතඟට කඳුළු ඉතිරි කර මෙලොවින් සමු ගත්තේය.

ග්‍රේෂන් ආනන්ද නම් වූ ඒ සොදුරු සහෘදයානන් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ගිත අපමණය.ඔහුගේ සංගීත නාද රටාවන් එක් කළ ගීත අපමණය.

අම්මා පෙව් කිරි කඳුලින් ලොවක් හැඩකළ, සුරලියක වගේ අඟනා සුරංගනීට මාළු ගෙනාව, බාලේ පුංචි කාලේ වගේ සතුටින් නිදැල්ලේ ඉඟිලී යන්නට කුරුල්ලන්ට කතා කළ ඒ කෘතහස්ත සංගීතවේදියා ඒ මතකයන් සියල්ල ඉතිරි කර අප හැරදා ගොස් ඇත.

2010/12/28

අන්තර්ජාලේ පුරා හමන මිතුරු සුළඟ.[1 කොටස]

"අන්තර්ජාලේ පුරා හමන මිතුරු සුළඟ" මෙහෙම කියනකොටම ඔයාලා දන්නවා මේ කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා.ඔව්... අන්තර්ජාලයේ මානුෂීය හැඟීම් හුවමාරු කර ගන්නා තැන "ෆේස්බුක්[Facebook]".මේ ගැන තමයි අද ඔයාලට කියන්නට යන්නේ.දන්න නොදන්න කරුණු ගොඩක් තියනවා.එහෙනම් කියවලාම බලන්න.

දැන් ෆේස්බුක් මිතුරු හවුලට නිතර යන එන අය කෝටි පනහක් විතර වෙන බවයි කියන්නේ.අපි ඉතිං ෆේස්බුක් ගිණුම විවෘත් කරන්නේ වෙබ් සේවා ලබා ගැනීමට නෙවෙයිනේ.අපේ යාළුවෝ, නෑදෑ හිතමිතුරන් ගැන හොයලා බලන්නනේ.හරියම නිවසක් නිවැසියන් වාගේ.ගමක ගැමියන් වාගේ.රටක රටවැසියන් වාගේ.

ඉතිං මේ 'ෆේස්බුක් රට' නිර්මාණය කළේ 2004 වසරේදී.එවකට හාවඩ් විශ්ව විද්‍යලයේ ශිෂ්‍යයෙකු වූ මාක් ෂූකර්බර්ග් විසින්.ඒ ගැන ඔයාලා දන්නවනේ.

බ්‍රිතාන්‍යයේ හිට්වයිස්[HITWISE] ආයතනය නිකුත් කළ අළුත්ම වාර්තාවේ සඳහන් වෙන විදියට ෆේස්බුක් ජනගහණය ගූගල් ජනගහණය පරාජය කරලා තියනවා.මේ අතරින් 28%ක් විතර අවුරුදු 34 වැඩි අය.

2010/12/26

Sony Ericsson ෆෝන් එකේ රහස් සොයා යමු [Secret Codes]

අන්තර්ජාලයේ ටිකක් එහෙට මෙහෙට ඇවිදිනකොට Sony Ericsson ෆෝන් වලට අදාල රහස් කේත [Secret
Codes] ටිකක් හම්බුණා.ඇත්තම කිව්වොත් හම්බුණා නෙවෙයි අන්තර්ජාලේ එහෙට මෙහෙට පෙරළලා හොයා ගත්තා.විශේෂයෙන්ම මේ ගැන හොයන්න හේතු වුණේ මම පාවිච්චි කරන්නෙත් Sony Ericsson ෆෝන් එකක් නිසා.ඉතිං මේ ගැන ඔයාලටත් කියන්න කියලා හිතුවා.මේ ගැන දන්න අයත් ඇති.Sony Ericsson ෆෝන් පාවිච්චි කරන මේ ගැන නොදන්න අයට තමයි මේ ලිපිය ගොඩක් වැදගත් වෙන්න.එහෙනම් කියවලාම බලන්න.

2010/12/24

♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪සුභ නත්තලක් MARRY CHRISTMAS♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪

 ♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪
සාමය සතුට සෞභාග්‍ය සපිරි අසිරිමත් නත්තලක් වේවා......!

May the Christmas season
fill your home with joy
your heart with love
and your life with laughter....!
♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪

2010/12/23

සුනාමියට පසු වදනක්....!

නිමිත්ත:- 2010 ක් වූ දෙසැම්බර් මස 26 දිනට යෙදෙන සුනාමියේ  6 වැනි වසර වෙනුවෙනි.

බොහෝ දෙනාගේ හදවත් තුළට සදාකාලික කඳුළක් ඉතිරි කර දුන්, බොහෝ දෙනාගේ හදවත් තුළට සදාකාලික දුක් මතක සටහන් ඉතිරි කර දුන් මෑත කාලයෙ සිදුවූ මහා ඛේදවාචකය "සුනාමි ව්‍යයසනයෙන්" 2010 ක් වූ දෙසැම්බර් මස 26 දිනට වසර 6ක් සපිරෙයි.

සුනාමිය ඇති වූයේ කවදාද, කෙසේද යන්න පිළිබඳ නැවත නැවත කතා කිරීම අවශ්‍ය නොවේ.මක් නිසාද යත් ඒ පිළිබඳව අපි හොඳින් දන්නා නිසාවෙනි.සුනාමියෙන් අසරණ වූවෝ මෙන්ම කරමළු පුරවා ගත්තවුන්ද සිටි බව ප්‍රසිද්ධ රහසකි.කෙසේ හෝ වේවා සුනාමියෙන් සිදු වූ ජීවිත හානි මෙන්ම දේපළ හානි ද සුළුපටු නොවීය.

2010/12/22

ඩේටා ට්‍රැවලර් 300 [Data Traveler 300]

කින්ස්ටන් ටෙක්නොලොජී [Kingston Technology] සමාගම විසින් අති දැවැන්ත ධාරිතාවයකින් යුතු යූඑස්බී ෆ්ලෑෂ් ඩ්‍රයිව්[USB Flash Drive] එකක් හඳුන්වා දී තිබෙනවා.මේක නම් කරලා තියෙන්නේ ඩේටා ට්‍රැවලර් 300 [Data Traveler 300] නමින්.දැන් මෙය සැලකෙන්නේ ලොව වැඩිම ධාරිතාවයක් ඇති ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක ලෙසයි.මෙහි ගිගා බයිට් 256[256 GB] ක ධාරිතාවයක් තියනවා.මීට කලින් තිබූ හොඳම  ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක ඩේටා ට්‍රැවලර් 200[Data Traveler 200] ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකයි.එහි ධාරිතාවය 128GB ක්.

මෙහි ධාරිතාවය විශාල වුණත් සාමාන්‍ය ඩේටා ට්‍රැවලර් එකකට සමානයි.මෙය දිගින් සෙ.මි. 7.5 ක්, පළලින් සෙ.මි. 2ක් හා ඝනකම සෙ.මි 1.5 පමණ වෙනවා.මෙහි තිබෙන්නේ සාමාන්‍ය යූඑස්බී 2.0 [USB 2.0] 'ප්ලග්' එකක්.ඒ කියන්නේ ඕනම මාදිලියක යූඑස්බී එකකට සම්බන්ධ කරන්න පුළුවන්.තත්පරයට මෙගාබයිට් 20ක[20 MB/s] වෙගයෙන් තොරතුරු කියවීමටත්, තත්පරයට මෙගාබයිට් 10ක[10 MB/s] වෙගයෙන් තොරතුරු රැඳවීමේ හැකියාවත් තියනවා.

2010/12/20

හිරු නොබසින අධිරාජ්‍යයේ බකිංහැම් මාළිගාව __̴ı̴̴̡̡̡ ̡͌l̡̡̡ ̡͌l̡*̡̡ ̴̡ı̴̴̡ ̡̡͡|̲̲̲͡͡͡ ̲▫̲͡ ̲̲̲͡͡π̲̲͡͡ ̲̲͡▫̲̲͡͡ ̲|̡̡̡ ̡ ̴̡ı̴̡̡ ̡͌l̡̡̡̡.__


ලොව ඉතිරී වී ඇති රජ පවුල් අතරින් බ්‍රිතාන්‍ය රජ පවුලට හිමි වන්නේ ඉහළ ස්ථානයක්.ඒ රජ පවුලට හිමි හිරු නොබසින අධිරාජ්‍යයේ මහගෙදර 'බකිංහම් මාළිගාව [Buckingham Palace]' ලොව පුරා නොදන්නා කෙනෙක් නැති තරම්.

ලන්ඩනය මැද අක්කර 50ක් පුරා පැතිරී ඇති මෙම මාළිගාව මුලින්ම ඉදි කර ඇත්තේ ක්‍රි:ව 1703 දී බකිංහැම් ආදිපාදවරයා විසින්.ක්‍රි:ව 1762 දී තුන්වැනි ජෝර්ජ් රජු තම බිරිඳට තෑගි කිරීම සඳහා මෙය පවුම් 21000 මිලදී ගෙන තිබෙනවා.අද තියෙන තත්වෙට මේක හදලා තියෙන්නේ හතරවෙනි ජෝර්ජ් රජතුමා විසින්.කොහොම වුණත් රජ පවුලේ මහගෙදර වශයෙන් මේක තෝරගෙන තියෙන්නේ ක්‍රි:ව 1837 දී වික්ටෝරියා මහ රැජින විසින්.

2010/12/12

කරළියට එන අමුතු ගැජට්- [02 කොටස]

අයිරිස්පෙන් පෝටබල් ස්කෑනරය

මේක අතේ ගෙන යා හැකි තරම් කුඩාවට තමයි හදලා තියෙන්නේ.පොතක හෝ වෙනත් ඕනම ලියවිල්ලක ඇති අකුරු හා ඡායාරූප පහසුවෙන්ම ස්කෑන් කර ගන්න පුලුවන්.වඩා වැඩි මතකයක් අපට අවශ්‍ය නම් එක්ස්ටනල් හාඩ් එකක් සවිකර ගැනීමේ හැකියාව මෙහි තියෙනවා.භාෂා 128ක අකුරු හඳුනා හැකි භාෂා පරිවර්ථක මෘදුකාංගයක් ද මෙහි ඇතුළත්.
  

2010/12/11

මූණුපොතේ Theme එක වෙනස් කරමුද..?

"මූණුපොත [Facebook]" අපි දවසේ වැඩි කාලයක් එල්ලිලා ඉන්න තැනනේ.ඒ නිසා මූණුපොත හැඩට වැඩට තියා ගන්න අපි ගොඩක් දෙවල් කරනවනේ.හැඩට වැඩට තියාගන්න කැමති අයට තවත් දෙයක් කියන්නයි මේ සූදානම.සමහරවිට මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයටයි මේ කතාව.
එහෙනම් මුලින්ම මෙතනින් Preview එකක් බලලම ඉන්න.[Preview Here]


මේක අපි කවුරුත් දන්න පුංචි Plug-in එකක්.මුලින්ම දෙයක් කියන්න ඕනේ.මේ එක වැඩ කරන්නේ Mozilla FireFox (3,3.6) Internet Explorer (6,7,8)වලට විතරයි.Google Chrome වලට වැඩ කරන්නේ නෑ.
get-styles වෙබ් අඩවිය තමයි මේ පහසුකම අපිට ලබා දෙන්නේ.

2010/12/10

උබුන්ටු CD එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගමුද..



මෙහෙයුම් පද්ධති අතරින් මේ දවස් වල ටිකක් වැඩිපුර කතා වෙන මාතෘකාවක්නෙ උබුන්ටු[UBUNTU] කියන්නෙ.වින්ඩෝස් වලට පොඩි පොඩි අභියෝගයකුත් එක්ක ඉස්සරහට එනවා.මේ වෙනකොට උබුන්ටු අළුත්ම සංස්කරණයත් ඇවිත් තියනවා.[10.10]


උබුන්ටු කියන්නෙ ලිනක්ස්[Linux] පාදක මෙහෙයුම් පද්ධතියක්.ලොවපුරා සියළුම දෙනාට නොමිලේම ලබා ගන්න පුළුවන් ඕපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියක්.මෙහි විශේෂත්වය තමයි,වින්ඩෝස් භාවිතයේදී මෙහෙයුම් පද්ධතියට අමතරව අපි වෙනත් සහය මෘදුකාංග ස්ථාපිත කරන්න වෙනවා.ඒ කියන්නේ ඔෆිස් පැකේජය,පොටෝෂොප් වැනි දේවල්.උබුන්ටු මෙහෙයුම් පද්ධතිය තුළින් මේ දේවල් මෙහෙයුම් පද්ධතිය තුළින්ම ලබාදීලා තියෙනවා.ඒ නිසා නැවත් ස්ථාපිත කිරිමක් අවශ්‍ය වෙන්නේ නෑ.

2010/12/08

බ්ලූටූත් උපාංග වලින් හොරකම ඇරඹේ....

අදත් ඔයාලට කියන්න යන්නේ බොහොම වැදගත් දෙයක්.මේ ගැනත් ඔයාල දැනුවත් කරන එක හොඳයි කියලා හිතුවා.එහෙනම් කියවලාම බලන්න.


"බ්ලූටූත්[Bluetooth]" අපි හැමෝම දන්න දෙයක්නේ.ලොකු පොඩි භේදයක් නැතිව කවුරු කවුරුත් වැඩියෙන්ම තොරතුරු හුවමාරු කර ගන්නේ බ්ලූටූත් වලින්නේ.


"බ්ලූටූත්[Bluetooth]" ගැන වැඩිදුර ලියවුණු ලිපියක් මෙතනින් බලන්න.


බ්ලූටූත්වල ජනප්‍රියතාවය වැඩි වෙනවත් එක්කම එහි තිබෙන හැකියාවත් වැඩි දියුණු කරා.ඒත් එක්කම හුවමාරු වෙන තොරතුරු හොරකම් කිරිමත් වැඩි වෙලා තියෙනවා.බ්ලූටූත් වලින් හුවමාරු වෙන තොරතුරු වල උපයෝගීතාවය වැඩි කරන්න විවිධ මෘදුකාංග තියනවා.මේවා හඳුන්වන්නේ 'පෙයාරිං මෘදුකාංග[Pairing Software]' කියලා.මෙමඟින් දෙපාර්ශවයම කැමති වී එක උපාංගයක ඇති තොරතුරු අනෙක් උපාංගයට පිටපත්[Cpoy] කරන්න පුළුවන්.

2010/12/06

මොකක්ද මේ "ෆෝන් අන්ලොකින් [Phone Unlocking]"

"ජංගම දුරකතන[Mobile Phone]" බාල, තරුණ, මහලු මේ කොයි කාටත් දැන් නැතුවම බැරි අංගයක්
වෙලානේ.බොහොම පහසුවෙන්, පහසු මිලට මිලදී ගන්නත් පුළුවන්.ජංගම දුරකතන ගැන කතා කරනවිට 'ෆෝන් අන්ලොකින්[Phone Unlocking]' කියන මාතෘකාවත් ගොඩක් දෙනෙක් කතා වෙනවා.ඒ නිසාම 'ෆෝන් අන්ලොකින්[Phone Unlocking]' ගැන එකතුකර ගත්ත විස්තර ටිකක් ඔයාලට කියන්නයි හදන්නේ.එහෙනම් වැදගත් වෙන දෙයක් තියනවද කියලා, කියවලාම බලන්න.


බොහෝ රටවල් වල දුරකතන ජාල සමාගම්, දුරකතන ගිණුමත් සමඟ දුරකතනයක් නොමිලේ ලබාදීම සිදු කරනවා.නමුත් එම දුකරතනයට වෙනත් ජාලයක සේවාවක් ලබා ගැනීමට නොහැකි ලෙස මෘදුකාංග මඟින් අඟුලු[Lock] දානවා.පිටරට ඉදලා ලංකාවට ගේන ජංගම දුරකතන වලට ලංකාවේ සිම් කාඩ්[SIM Card] දැම්මට වැඩ කරන් නැත්තේ ඒ නිසයි.

2010/12/05

''''ඔන්න අදට හරියටම මාසයයි'''''



මතකද   "හාඩ් ඩික්ස් එකේ පාලනට අතට ගමු " කියන ලිපියක් එක්ක පටන් ගත්ත බ්ලොග් අඩවිය.ඒ හරියටම 2010 නොවැම්බර් 5 වෙනිදා.'(¯`•._.•මනූගේ blog සටහන•._.•´¯) ' මුලින්ම පටන් ගත්තේ එදා.අද 2010 දෙසැම්බර් 5 වෙනිදා.ඒ කියන්නේ '(¯`•._.•මනූගේ blog සටහන•._.•´¯)'පටන් අරගෙන හරියටම අදට මාසයයි.පුංචි අහිංසක සතුටකුත් නැතුව නෙවෙයි.මොකද එදා වැඩේ පටන් ගන්නකොට වඩා අද ටිකක් විතර ඉදිරියෙන් ඉන්න නිසා.

ඉතිං මම බ්ලොග් කලාවට ටිකක් අළුත් කෙනෙක්.මම මුලින්ම මේ වැඩේ ගැන කිව්වේ මගෙත් එක්ක වැ කරන අයියා කෙනෙක්.මුලින්ම එයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ.


සමහර මගේ යාළුවෝ දන්නවත් ඇතිනේ.මුලින්ම මම බ්ලොග් එකක් විදියට පටන් ගත්තේ '(¯`•._.•මනූගේ blog සටහන•._.•´¯)'නෙවෙයි."''පැනියගේ ලෝකේ"   සමහර විට දැකලත් ඇතිනේ.මම මුලින්ම කරපු බ්ලොග් එක තමයි  "පැනියගේ ලෝකේ".  ඒ 2010 ජූනි 15වෙනිදා.


අන්තර්ජාලයෙන් කොච්චර වැඩ ගත්තත් අනුන්ගේ කරන කියන දේවල් දිහා බලන් ඉන්න බැරුව වල කපන මිනිසුත් ඉන්නවනේ.ඔන්න ඔය වගේ වලවල් කපන එකෙක් 2010 ඔක්තෝබර් 25 වෙනිදා මගේ ඉ-මේල් ගිණුමයි, මූණු පොතේ ගිණුමයි, පැනියගේ ලෝකේ බ්ලොග් අඩවියයි හැක් කරලා තිබුණා.අයෙත් හදා ගන්න බැරි විදියට.මේ ගැන මගේ මූණු පොතේ ගොඩක් යාළුවෝ දන්නවා.
හැක් කරපු මගේ මූණු පොත[Face Book Account]- පැනියගේ ලෝකේ බ්ලොග් අඩවිය මෙතනින් බලා ගන්න.

Drop Down Menu ජෙනරේටරය

අළුත් බ්ලොග් ගැජට් එකක්, බ්ලොග් ටෙම්ප්ලේට් එකක් අහු වුණොත් ඉතිං අපි ඒ ගැන පොඩ්ඩක් හොයලා බලනවනේ.ඉතිං අන්තර්ජාලේ ටිකක් එහෙට මෙහෙට යනකොට මටත් අහු වුණා නියම ගැජට් එකක්.මේක බ්ලොග් වලට විතරක් නෙවෙයි අනිත් වෙබ් අඩවි නිර්මාණයටත් යොදා ගන්න පුළුවන්.සමහර විට මේ ගැන 
දන්න අයත් ඉන්න පුළුවන්.ඒත් නොදන්න අයත් ඉන්නවනේ.එයාලට තමයි මේ කතාව...




අපි කවුරුත් දන්නවනේ.Drop Down Menu වෙබ් අඩවි නිර්මාණය සඳහා නැතුවම බැරි දෙයක්නේ.මේකේ නම තමයි  Drop Down Menu Generator. . රූප සටහනේ තියෙන්නේ ඒක තමයි.


2010/12/04

නෙට් එකේ ඉන්න ගමන් නොමිලේ SMS එකක් යවමුද..?

ඉන්ටනෙට් එකේ ඉන්න ගමන් කම්මැලි කමටත් එක්ක යාලුවන්ට යවන්න මම ගොඩක් කල් ඉඳලා මේ ක්‍රමේ තමයි යොදා ගන්නේ.හැබැයි මේ වෙබ් සයිට් එකනම් ගොඩක් දෙනෙක් දන්න එකක්.ඒත් නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා ඒ ගැන ටිකක් විස්තරත් එක්ක කියන්න හිතුවා.

මේක අපි කවුරුත් දන්න Suntel ආයතනය විසින් නොමිලේ ලබාදීලා තියෙන සේවාවක්.ලංකාවේ දැනට භාවිතා වන Suntel CDMA, Mobitel, Etisalat දුරකතන වලට SMS 15 බැගිනුත්, Dialog දුරකතන වලට SMS 5කුත් නොමිලේම දවස ගානේ යවන්න පුලුවන්.කිසිම වියදමක් නැතිව යාළුවෙක්ගේ දුක සැප අහන්න වගේම, නෙට් එකෙන්ම අහුල ගෙන ජෝක් එකක් කරන්නත් මේ වැඩේ වටිනවා.

2010/12/03

''''''සරා සිහින රහසේ දිවුරා කියා''''''''

දුක හිතෙන හීනයක් දැක්කම ඇස් වලට ගලන කඳුළු දරා ගන්න අමාරුයි.හීනෙන් පවා ආදරෙයි කියලා දිවුරලා කියපු ඔයා මාව අමතක කරලා ගොඩක් දුර ගිහින්.ඒත් හිතේ කඳුළු පුරෝගෙන මම තාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා  එදා පොරොන්දු වුණා වගේම.

හැමදාම හැන්දෑවට කළුවරත් එක්ක මගේ හිතේ තනිකම මකන්න කඳුළු ඉඳීවි.කවදාවත් වෙනස් වෙන්නෙ නැති මගේ ආදරේ වෙනුවෙන් මහ මුහුදටත් වඩා වුණත් අඬන්න මට පුළුවන්.කවදාවත් ආයෙත් මගේ ළඟට එන්නේ නැති ඔයා වෙනුවෙන්.ඒ ගලන කදුළු මගේ ආදරේ වෙනුවෙන්.කවදාවත් වෙනස් වෙන්නේ නැති මගේ ආදරේ වෙනුවෙන්.

සරා සිහින රහසේ දිවුරා කියා - සිතේ කදුලු පහසේ මැවුණා සිනා
කොහේ ඇවිද හෝ මා - හද සිතුවිලි විල කළඹා
හැරදා මා ඔබ ගිය දා - උන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුරා කියා....

ඉංගිරීසී අකුරු 26 යේ සිංහල කථාව

Aකාලේ නුවර එළියේ විතරයි
Bට්රූට් වගා කලේ.
Cමිත ඉඩ ප්‍රමාණයක් තිබුණේ.නමුත්
Dසල් මිලත් අහසට
Eය විදිනවා වහේ ඉහළ යනකොට
Fඅකුරු මොනවා කරන්නද?
Gවත් වෙන්න නම් ගොවිතැන අතෑරලා
Hආර් ජෝතිපාල වගේ සිංදු කියන
Iයා කෙනෙක් වෙන්න කියලා
Jමිස් අයියට කියන්න ඕනේ.එතකොට
Kසර සිංහයා වගේ ඉන්න පුළුවන්.නමුත්
Lලිලා ඉන්නේ නැතුව

ඉන්ටනෙට් තුළින් තොරතුරු සෙවීම

ඉන්ටනෙට් භාවිතා කරන අපි හැමෝටම වැදගත් දෙයක්නේ සර්ෆ් [Surf] කරන එක.දන්න භාෂාවෙන් කිව්වොත් සර්ච් [ Search] කරන එක.ඉතිං මේ ගැන ඔයාලට කරුණු ටිකක් කියන්න ඕනේ කියලා හිතුවා.තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න අයට මේ ටික ගොඩක් වැදගත් වෙවි.
ඉන්ටනෙට් තුළින් තොරතුරු සෙවීම ඉංග්‍රීසියෙන් කිව්වොත් ' Surf the net' .ඔයාලා දන්නවනේ මේ වැඩේ ක්‍රම කීපයකට කරන්න පුලුවන්.
බොහෝ විට අපි කරන්නේ සර්ච් එන්ජින් එකේ ටයිප් කරලා එන්ටර් කරන එකනේ.ඇත්තටම සර්ච් එන්ජිමක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද.වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි.

2010/12/02

.....''''''''''සෙනෙහස''''''''''.....

ආදරේ වැඩිකමට
කරපු පුංචි වැරැද්දට
සෙනෙහස ඉදිරියේ
මහාම මහා
පවුරක් වෙනවනම්
අනේ....
මං කොච්චර අසරණද ?
ඒත්....